2022 ජනවාරි සිට 2022 දෙසැම්බර් 26 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 701,331 දෙනෙකු පැමිණ තිබේ. දෙසැම්බර් මාසයේ ගතවූ දින 26ක කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ගණන 73,314කි.
2021 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන් ප්‍රමාණය 194 495කි. මේ වසරේදී සංචාරකයන් මිලියනක ඉලක්කයක් සංචාරක අමාත්‍යාංශය අපේක්ෂා කළත් පැමිණෙනු ඇතැයි අපේක්ෂිත සංචාරකයන් ප්‍රමාණය 720000කි.